සිංහල සාහිත්‍ය සමිතිය

පාසල් සාහිත්‍ය සමිතිය යනු පිබිදෙන තාරුණ්‍යයට අත්‍යවශ්‍ය වේදිකාවකි. එය එකිනෙකාගෙ විෂය ධාරාවන් කුමක් වුවත් අධ්‍යාපනයට සමගාමීව 'ජීවිතය පිළිබඳ දැනුම' ලබා ගැනීම සදහා දරුවන්ට ඇති ඉතා වටිනා අවස්ථාවකි. 1960 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කරන ලද කරගස්තලාව විද්‍යාලයේ සාහිත්‍ය සමිති සංසදය මෙම පාසලේ ඇති අනෙකුත් ශිෂ්‍ය සංසදයන් අතර පැරණිතම සංසදය වේ.

ර/කරගස්තලාවේ මහා විද්‍යාලයේ සාහිත්‍ය සමිතියේ සභාපති වශයෙන් දිලුම් ප්‍රියශාන් ශිෂ්‍යයා ,ලේකම්වරිය වශයෙන් චාතූර්‍යා මධුවන්ති ශිෂ්‍යයාව සහ භාණ්ඩාගාරිකතුමිය වශයෙන් අමාශි අවිශ්කා ශිෂ්‍යාව තනතුරු දරති.

භාර ගුරුවරුන්:

  • සෝමරත්න මයා
  • කැල්වින් සිල්වා මයා
  • වයලට් දිසානායක මිය
  • සුමිත්‍රා ප්‍රියනාත් මිය
  • අනුෂා ලියනගමගේ මිය

මෙය අංශ තුනක් යටතේ පැවැත්වේ. එනම්,

♦6-9 ශ්‍රේණි 

♦10-11 ශ්‍රේණි 

♦අ.පො.ස උසස් පෙල ශ්‍රේණි 

මෙය සැම මසකම දෙවන සතියේ සිකුරාදා දින පැවැත්වේ

♦සාහිත්‍ය විවාද පැවැත් වීම 

♦ප්‍රශ්න විචාර වැඩසටහන් පැවැත් වීම

යන වැඩසටහන් මෙම සමිතියෙ පැවැත්වෙ.